
විදුර පඬි නැති ලොව
වියත් සඳ පෑයු අඹරට
විදු සිහින හෙලිකළ
සුරත් පන්හිඳ ඔබය
කවුදෝ තිළිණ කළ අපට......
අහස කොන තරුවක
ඔබේ නම බබලත
රිවි කිරණ ඔබමය
නව ලොවක් හෙළිකළ.....
විසුළ සිය ගව් දුරට
අප නොදුටු නව ලොව
සිහිනෙකින් නොව සැබැවින් ම
ඔබ දකින'යුරු අරුමයකි......
එදා ඉසිවර වදන්
වැසුන මුත් කාලයෙන්
ඔබේ හසකැන් අස
විඩාපත් ලොව නැවතුනා මිස
දිවෙන නව ලෝකයේ
එතැනමය අප තවත්....
දිනූ සුවිසල් ලොව නැතත්
නැණ පහනමය ඔබ අපට
හදවතේ කුළුණු ගුණ
රඳවාන මුව අගට
නව ලොවක විදු දැනුම
සමසිතින් බෙදන්නට
උදාවන සියවසක්
අරුණළුව දකින්නට
විද්වතාණෙනි
ඔබට දිගාසිරි වේවා !!!!!
ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාගේ උපන්දිනය වෙනුවෙන් ලියූවකි,,,,
විද්වතාණෙනි ඔබට නිවන්සුව !!!!!!!!!
ReplyDeleteඅනිවාරෙන්ම.. මමත් පතනව...ස්තූතියි මතක් කර දුන්නට..
ReplyDeletethanks hasithahands
ReplyDelete